ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය හුදු සටන් පාඨයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තම රජය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම වෙනස් කරන බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් කර ඇති බව ඔහු පැවසීය.
එබැවින් මේ අවස්ථාවේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද පැවති රැස්වීමකදී අමාත්‍යවරයා පැවසීය.
“රට අමාරුවේ වැටිලා තියෙන මොහොතක මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම රටටත් ආර්ථිකයටත් යහපතක් මිස අයහපතක් කළේ නැහැ.
නමුත් ජනප්‍රියත්වය තකා මෙවැනි ප්‍රකාශ සිදු කරන අතර එයින් රටට යහපතක් සිදු නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.