’’විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට “ටටා බායි” කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී පැවසීය.

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට නොහැකි බව කී වික්‍රමසිංහ මහතා ඇතැම් විට මේ යන ආකාරයට විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීමටත් හැකියාව තිබෙන බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් පිළින්ඩරයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනරැළියකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *