විද්‍යුත් හැඳුනුම්පත් ගැන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (ඊ-එන්අයිසී) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක සහ උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක සම්බන්ධ ප්‍රසම්පාදනයේදී ඇතැම් ආයතනවලට හිතවත්කම් මත අයතා වාසි දීමට කටයුතු කර ඇතැයි පළවන ජනමාධ්‍ය වාර්තා සාවාද්‍ය යැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් කළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් සහ පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව කරන බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *