රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ (9) විශ්‍රාම ලැබුවේය.
මෙරට 41 වැනි විගණකාධිපතිවරයා වන ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස 1988 වර්ෂයේදී රාජකාරිය ආරම්භ කළේය.
අනතුරුව 1992 වර්ෂයේදී විගණන අධිකාරිවරයෙකු ලෙසද 2007 වර්ෂයේදී නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ලෙසද 2015 වර්ෂයේදී අතිරේක විගණකාධිපති ලෙසද උසස්වීම් ලැබූ වික්‍රමරත්න මහතා 2019 වර්ෂයේ දී රජයේ විගණකාධිපතිවරයා ලෙස පත්විය.
විගණනය සම්බන්ධයෙන් වසර 37 ක පළපුරුද්දක් සහිත වික්‍රමරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධරයෙකි. මෙයට අමතරව ඔහු වෘත්තිය සුදුසුකම් රැසක්ද මේ රටින් සහ විදේශයෙන් ලබාගෙන තිබිණ.
පාර්ලිමේන්තුවේ කෝප් කෝපා ඇතුළු කමිටු කටයුතුවලදීද සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ වික්‍රමරත්න මහතා බදුල්ල ධර්මදූත සහ බදුල්ල මධ්‍ය මහා යන විදුහල්වල ආදි සිසුවෙකි.