වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි

ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස්  ජනරාල්වරියට  උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

වාර්ෂික බෝනස් නොදීමේ ප්‍රශ්නයක් නිසා අදාල ආයතනයේ සේවකයින් 2244ක්  ඊයේ දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මාතර කම්කරු කාර්යාලයේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා  බෝනස් ලබාදීමේ කාරණය ඇමරිකා බදු තීරණයට අදාල නොවන බව තම අදහස බවද සඳහන් කළේය.

කෙසේ වුවද මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අදාල අංශ වලට උපදෙස් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *