පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම ( සංශෝධන ) පනත් කෙටුම්පතට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2021 අගෝස්තු 19 වනදා නිකුත්කර තිබුණි.
මේ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත මඟින් යම් යම් භාණ්ඩ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් සඳහන් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එම පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළඳ ව්‍යාපාරිකයින් වෙනුවෙන් පනවා තිබූ දඩ මුදල් වැඩි කිරීමට නියමිතය.
මේ අනුව තනි ව්‍යාපාර සහ ආයතන හෝ සමාගම් ලෙස ලියාපදිංචි කළ සියලු ව්‍යාපාර සම්බන්ධයෙන් මෙතෙක් නියමකොට තිබූ දඩ මුදල් සංශෝධනය කෙරේ.
එසේම මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වැරදිකරුවන් වන පුද්ගලයින් මෙම දඩ මුදලට යටත්කිරීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඩුවම් දෙකටම යටත්කිරීම සිදුකළ හැකිය.
ඊයේ පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මෑතකාලීනව අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් සඳහන් කරමින් ගැසට් නිවේදන නිකුත්කළ ද වෙළෙඳපොලේ එම පාලන මිලට භාණ්ඩ අලෙවිකිරීම් සිදුනොවන බවය.
මේ නිසා මෙම දඩ මුදල් සංශෝධනය කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පවසා ඇත.