වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා – ජනාධිපති

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.

ආයෝජන කළ හැකි සෑම බිම් අඟලකම  අලුත් ආයෝජන ඇති කරන්නට  කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

“කොළඹ වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩු වාණිජ වටිනාකම් තිබෙන ඉඩම් නිකම් තියාගෙන වැඩක් නැහැ. ඒවා ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව හොඳ ආයෝජකයන්ට එම වාණිජ ඉඩම් ලබා දීමට කටයුතු කරනවා” යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *