අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපති පොදු සමාව ලබාදෙන ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින්ම පෙන්වාදී ඇතත් ඒ වායෙන් පාඩම් උගෙන ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කෝසල නුවන් ජයවීර මහතා ඇතුළු අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනකු වෙනුවෙන් පැවැති ශෝක යෝජනා පිළිබඳ විවාදයේදීය.
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.
අනුරාධපුර මහාධිකරණයේ එච්සී 69 2018 කියන නඩුවේදී 2025 5 25 දණ්ඩන නීති සංග්‍රහය 386 යටතේ වරදකරු කරන ලද අතුල සේනාරත්න නමැති අය වෙසක් පෝය දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති සමාවක් දීලා තියෙනවා.
ඉතාම බරපතලයි. සිර දඬුවම් නියම වූ තැනැත්තෙකුට. යුක්තිය ඉටු විය යුතු තැන්වෙලා අයිතිය ඉටුවන තැනක් බවට පත්වෙලා. තව නඩු තියෙන ුයෙකුට ජනාධිපති සමාව ලැබෙන තත්වයක් ඇතිවෙලා. ජනාධිපති සමාව දෙද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය ශේෂ්ධිකරණ නඩු තීන්දු කිහිපයකින්ම අනාවරණය කළා. සමහරුන්ට වන්දි ගෙවන්නක් නියම කළා. ඒ පාඩම් ඉගෙන ගන්න නැතුව තවදුරටත් ඒවා වෙනවා.
ඔහුට තවත් අධි චෝදනා විස්සකට වැඩි ප්‍රමාණයක් තියෙනවා