වජිර අනාවැකියක් කියයි

මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

යම්කිසි විදිහකින් නැවත රට වැටුණොත් කලින් කළා සේ පලපුරුදු කණ්ඩායම සමඟ එකතු වී ජනතාව බලා ගන්නා බවද අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙලේ එක අකුරක් හෝ වෙනස් කළොත් නැවත රට කඩා වැටෙන බව කී එජාප සභාපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුනේ සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව බව පැවසීය.

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසූයේ ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්වීමේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *