නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් කරනු ලබන සේවාවන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ මෙම නිලධාරීහු රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටද ඊයේ (23) පැමිණියහ.
මෙහිදී අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා පරිපාලන අමාත්‍යංශය ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති පුහුණු හා වැඩසටහන් සම්බන්ධයෙන් නේපාල නිලධාරීන් දැනුවත් කළේය
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.