ලංකාවට වාණිජ ගුවන් ගමන් ඇරඹීමට කුවේට් තීරණය කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලනය සහ පාකිස්තානයට වාණිජ ගුවන් ගමන් අරඹන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා කුවේට් රාජ්‍ය විසින් පසුගිය දා රටවල් කිහිපයකින් ගුවන් යානා පැමිණ වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *