රෝහල් තුළ අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව මෙම පියවර ගන්නා බවය.

“සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අපි සාකච්ඡාවක් කළා. නමුත් අවසාන තීන්දුවක් දුන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, පිළිකා රෝහල තුළ අපි මේ ක්‍රියාමාර්ගය ගන්නේ නෑ. කොරෝනා රෝහල්වල උද්ඝෝෂණ ව්‍යාපාරය විතරක් කරනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේ චක්‍රලේඛය සෞඛ්‍ය සේවාවට අවලංගු කරන්න. ඒ වගේම පොරොන්දු වූ දීමනා ඇතුළු අනෙකුත් සහන දෙන්න කියන බලකිරීමත් අපි කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *