රුසියාවට සෙබළු පැටවූ රට රැකියා අයතන හිමිකරු – කළමණාකරු අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා  නියුක්ති කාර්යාංශය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත් අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය ද මේ වන විට අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් කාර්යංශය කීය.

එම ආයතනය සංචාරක වීසාවලින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවත් එරටදී රැසියානු – යුක්රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට එම ශ්‍රී ලාංකිකයින්ට සිදුවී ඇති බවත් එම කාර්යංශය කියයි.

මෙම ඒජන්සි ආයතනය කළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට ලැබුණු පැමිණිලි 7 කට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට අධික බව ද විදේශ සේවා  නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *