රුපියල් බිලියන 2.5ක වගා සහනාධාර

2024 යල කන්නයේ වී වගා කිරීමේ දී ගොවි ජනතාවට  වගා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 2.5ක් මේ වන විට  ගොවි ගිණුම් වලටම යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගොවීන් 213771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවි ගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කරනු ඇතැයි  අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍ය සහනාධාරය රුපියල්  බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අතර බොහෝ ගොවීන් වී වගාවන්ට යුරියා පොහොර පමණක් යොදන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් MOP හෙවත් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරල් මෙන්ම වී ඇට ද සම්පූර්ණ නොවන බවත්, බන්ඩි පොහොර නොයෙදීම නිසා අස්වැන්න අඩු විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *