පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥයින් ඔහුගේ නඩුවක් විභාග කරමින් සිටි විනිසුරුවරයෙකුට අනිසි බලපෑම් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
බදියුදීන්ගේ මානව හිමිකම් නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන්ගේ නීතිඥයන් විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස්ට බලපෑම් කර තිබෙනවා. අදාළ මානව හිමිකම් නඩුවේ මන්ත්‍රීවරයා විසින් රඳවාගෙන සිටි කනිෂ්ඨ නීතීඥවරයා පෙරේදා රාත්‍රියේ විනිසුරු නවාස් මහතාට දුරකථනයෙන් කතා කර දන්වා ඇත්තේ තමා යටතේ නඩුව අවසන් කිරීමට තම ජ්‍යෙෂ්ඨයාට අවශ්‍ය බව ය. පසුවදා උදේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විනිසුරුවරයා සමඟ කතා කර නඩුවට පෙනී නොසිටින ලෙසට ඔහුට දන්වා තිබුණා.” යැයිද අමාත්‍ය රාජපක්ෂ පැවසීය.
“විනිසුරු නවාස් අගවිනිසුරුවරියට ප්‍රශ්නය ගෙනැවිත් නඩුවෙන් ඉවත් වුණා. මෙම නඩුව මුලින් කැඳවූ විනිසුරු ජනක් ද සිල්වා මහතා නඩුවෙන් ඉවත් වූ අතර පසුව විනිසුරු සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ ද නඩුව විභාගයට නොගෙන ඉන් ඉවත් විය. කෝදාගොඩ ඉවත් කර ගැනීමට හේතුව හෙළි කිරීමට මට අවශ්‍ය නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථා විවාදයේ දී විනිසුරු නවාස් මහතා මුස්ලිම්වරුන්ගේ නඩු විභාග නොකරන බවත් ඔහු විනිසුරුවරයාට බනින බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“බදියුදීන් මන්ත්‍රීවරයා විනිසුරුවරයෙකුට ශාප කිරීම කණගාටුවට කරුණක්” ඔහු පැවසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් කියා සිටියේ තමන් හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරන බවයි.