රනිල්ට සහාය දෙන හේතුව නියෝජ්‍ය කථානායක කියයි

එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් බවත් එදා බාරදුන් වගකීම රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදිව ඉටු කළ නිසා මෙවර  ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුවේ අති බහුතරයක් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එදා පොහොට්ටුවේ නායකයින්ගේ ඉල්ලීම අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන්නු අපි තවදුරටත් එතුමාට සහාය ලබා දෙන බවත් ඒ නිසා අද අප ඉටුකරමින් සිටින්නේ එදා පොහොට්ටුවේ නායකයින් ගත්  නිවැරදි තීන්දුව බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  විසින් පෙන්වා දෙන ලදී.

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන ජනාධිපති  අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පසුගිය දා හම්බන්තොට පැවැති “දිනවමු ශ්‍රී ලංකා” හම්බන්තොට ජන රැලියට සහභාගී  වෙමිනි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජනරැළියට මැති ඇමතිවරු, දේශපාලනඥයෝ ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *