රන් මිල වාර්තා ගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව පැනවූ නව තීරුබදු රත්තරන් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

මෙම මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 242,000ක් දක්වා ද, කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 262,000 ක් දක්වා ද, ඉහළ ගිය බවත් මෙය ශ්‍රී ලංකාවේ රත්තරන් පවුමක් වාර්තා වූ ඉහළම මිල බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *