රතිඤ්ඤා අලෙවිය සියයට 90කින් ඉහළට

ගිය වසරට සාපේක්ෂකව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ වැඩිවී ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා පැවසීය.

එහෙත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බව ද හෙතෙම පැවසීය.

පසුගිය වසර කීපය ඇතුළත බලනවිට මෙවර රතිඤ්ඤා අලෙවිය සාර්ථක වී තිබෙන බව ද දිනේෂ් ප්‍රනාන්දු මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *