රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් අතට පත්ව ඇතැයි මව්පියෝ පිරිසක් චෝදනා කරති.

ප්‍රශ්න පත්‍ර පිටවමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට උපදෙස් දුන් බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන පැවසිය. උතුරු මැද පාසල්වල 10 වන ශ්‍රේණියේ සිසුන් සදහා පෙරේදා(08)දින විද්‍යා විෂය සදහා පාසල් වාර විභාගය පැවති අතර ඊයේ (09)දින තොරතුරු හා සංනිවේදන විභාගය පැවැත්වුණි.

එහෙත් මෙම විභාගය පැවැත්විමට පෙර ඉහත ප්‍රශ්න පත්‍ර දෙකම පොළොන්නරුව හා හිගුරක්ගොඩ යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරු විසින් එම ගුරුවරු තමන්ගේ උපකාරක පන්ති සදහා සහභාගි වන සිසුන්ට ලබාදි ඒවාට පිළිතුරු ලියවා ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.

මෙම ප්‍රශ්න පත්‍ර දෙක විභාගයට ප්‍රථම උපකාරක පංති පවත්වන ගුරුවරුන් අතට පත්ව තිබු බව තමන්ටද ලද තොරතුරුවලින් තහවුරුවු බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි ලංකා ගුරැ සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් තමන් සාක්සි සහිතව උතුරැ මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අධ්‍යක්ෂකවරයාට ඊයේ(09) දින පැමිණිලි කළ බවත් හෙතෙම පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *