රජයේ විදෙස් ප්‍රතිපත්තිය ජනපති ලෝකෙටම කියයි

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම්දෙයි.

එම රටවල් සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *