රජයේ ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළට

2023 මුල් මාසස 8 හා සැසදීමේදි  2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2557ක් දක්වා එනම් 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.  2023 අනුරූප කාලයේදී එම අගය රුපියල් බිලියන 1819ක් විය.

2024දී ආදායම් වැඩි වීමේදි බදු ආදායම මෙන්ම බදු නොවන ආදායමද ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන සාධකයකි. 2024 දි රජයේ බදු ආදායම රුපියල් බිලියන 2348ක් වන අතර බදු නොවන ආදායම රුපියල් බිලියන 209ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *