ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරන වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවකට දෙනු ලබන අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශය සිදු කර ඇත්තේ අයවැය කළමනාකරණ කාර්යාලයයි. මියන්මාරය, සිරියාව සහ යුක්රේනය සම්බන්ධ වැඩසටහන් සඳහාත්, ඊට අමතරව ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස් රාජ්‍යය, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල යුද අපරාධ සහ වගවීම් සම්බන්ධයෙන් වැඩසටහන් සඳහාත් මෙසේ අරමුදල් ලබා දීම සිදුවෙයි.
කෙසේ නමුත්, මෙය තවමත් නිර්දේශයක් පමණක් බවත්, අයවැය කළමනාකරණ කාර්යාලයේ මෙම නිර්දේශය සම්බන්ධයෙන්, අභියාචනා කිරීමට අවස්ථාව ලබා දෙන බවත්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත.