යුක්රේනයේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමීපව නිරීක්ෂණය කරයි. අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, Kyiv වෙත සමගාමීව ප්‍රතීතනය කර ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කිරීමේ අරමුණින් යුක්රේනයේ පදිංචිව සිටින සිසුන් දාහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.
යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දාහතරෙන් හය දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතිරි සිසුන් අට දෙනා සමඟ සමීප සන්නිවේදනයක යෙදී සිටී.
යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසිලිමත් වන ලෙසත් අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටී. දැනට යුක්රේනයට අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙයි.
විදේශ අමාත්‍යාංශය