මුදල් වංචා කළ ආයතන 12 ක් ගැන විමර්ශනයක්

මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ  කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්  සියඹලාපිටිය මහතා පැවසීය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය  පාර්ලිමේන්තුවේ  මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ආයතන හයක් සම්බන්ධයෙන් මේ වනවිට කරන ලද විගණන විමර්ශනය යටතේ රුපියල් කෝටි 318 මුදලක් අමතර බදු ලෙස රජයට අය කරගැනීමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *