මිහින්තලා පුදබිමේ දී සැකකටයුතු ලෙස සිටි බවට වාර්තා වූ පුද්ගලයා පිළිබඳ පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
එහිදී අදහස් දක්වමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, එලෙස පැවසුණු පුද්ගලයා යුද හමුදා නිලධාරියෙක් බවට හඳුනාගත් බවය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“යුද හමුදා සොල්දාදුවෙක් මිහිනතලේ විහාරයේ රැඳිලා ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ පොලිස් නිලධාරීන්ට ඒ පුද්ගලයා ගැන සැක හිතිලා පරීක්ෂා කිරීමක් කරලා තියෙනවා. පසුව ඔහුගේ හැඳුනුම්පත පෙන්නලා ඔහු යුද හමුදා නිලධාරියෙක් බවට තහවුරු කරලා තියෙනවා. පසුව අනාවරණය වුණා නොච්චියාගම කඳවුරේ නිලධාරියෙක් කියලා. ඉන්පසුව මිහින්තලේ විහාරයේ තිබෙන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාටත් දැනුම්දීලා තියෙනවා. ඒ වගේම විහාරාධිපති හිමියන්ටත් දැනුම්දීලා තියෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයා මෙම ස්ථානයට ගිහින් මෙම නිලධාරියාව පරීක්ෂා කරලා තියෙනවා. ඔහු යුද හමුදා නිලධාරියෙක් කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම නොච්චියාගම කඳවුරෙන් එහි අණදෙන නිලධාරිවරයා එම ස්ථානයට ගිහින් ඔහුගේ සොල්දාදුවෙක් බවට හඳුනාගෙන අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා යුද හමුදා නිලධාරියෙක් කියලා. ඒ කාරණය අවසන් වෙලා තියෙනවා පුද්ගල