හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 සඳුදා කැඳවීමට නියමිතය.
අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව හදිසි රැස්වීම කැඳවන බව කථානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ සඳහන්වේ.
ඉදිරි අයවැයට අදාල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.