විශේෂ සහතික පත්රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ රසායනාගාරයකට යැවූ කිලෝ ග්රෑම් පන්සිය දහයක් බරැති මැණික් පාෂාණය( Rough Sapphire Cluster) නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්රලාභියාගෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අයිතිකරු මෙම මැණික් පාෂාණය රුපියල් කෝටි 203 කට තක්සේරු කර තිබූ බවද එහි දැක්වේ.
පාෂාණ තක්සේරු සහතික පත්රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින් රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් සියයට එකක් අදාළ බලපත්ර ලාභියාගෙන් අයකර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරය ඉදිකිරීමේ වැඩ කටයුතු අතරමග නතර කිරීමෙන් ඒ සඳහා වැය කෙරුණු මුදල නාස්තිවී ගොස් තිබූ බව විගණන විමර්ශනවලදී හෙළි වී ඇත.