මැකෝ ලොක්කන් කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්  රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය  ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වෙයි.

මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන සතියේදී  කරන බව  රත්නායක මහතා පැවසී ය .ඒ කෙටුම්පත  වෙබ් අඩවියට දැනටමත් ඇතුළත් කර ඇතැයි  කොමිෂන්  සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *