මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මාලිමා පාලනයේ නව පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාවක් ජනතාව හමුවේ ඉදිරිපත් කළත් එම පොරොන්දු හා ප්‍රතිපත්ති සම්පූර්ණ බොරුවක් වී ජනතාව අසරණ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බඩු මිල ඉහළ ගොස් හාල්, පොල්, කිරිපිටි මෙන්ම ලුණු ටිකවත් ජනතාවට සපයා ගත නොහැකි ආණ්ඩුවක් රටේ ඇති බවත් මූතූර්හි පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
පුර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි පැවසු ආණ්ඩුව මේ වන විට ඉන්ධන, තාප සහ ගල් අගුරු විදුලි බලාගාර මාෆියාවට යටත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනතාව රැවටීම, ඇන්දවීම, මංමුලා කිරිම පමණක් මාලිමා රජය බලයට පත්වී සිදු කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය