මාතර බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

උණ රෝගී තත්ත්වයන් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබේ.

එම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාර කටයුතු සිමා කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත මේවන විට තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *