පවුල්කරණයට ලක් වූ මහබැංකුව ස්වාධීන කිරීමෙන් පසුව අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කර ගැනීම කෙතරම් සදාචාර සම්පන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තවදුරටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
මහ බැංකුව ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් අලුත් අණපනත් ගෙන ආවේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටයි. ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගසා රටේ උද්ධමනය ප්‍රවර්ධනය වූ හේතුව තුළ මෙරට මූල්‍ය ප්‍රතිපත්තිය පවුල්කරණයට ලක් වූණා. එම නිසා මෙය ස්වාධීන කිරීමට කටයුතු කළා.
එවැනි තත්ත්වයක් තුළ මෙරට පෞද්ගලික අංශයට සහ රාජ්‍ය සේවකයනට පටි තද කර ගන්න යැයි රටට කියමින් මහබැංකුවේ සේවකයන්ට සියයට 70ක් වැටුප් වැඩි කර ගත නොහැකියි. මහ බැංකුවට එවැනි සදාචාරාත්මක අයිතියක් නැහැ.