මහ බැංකුව යළිත් ඩොලර් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති මුළු මුදල ඩොලර් මිලියන 1,199ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *