තම පාලනයක් යටතේ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාමාන්‍ය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ යක්කල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැලියක් යක්කල නගරයේදී පැවැත්විය.
ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,
“IMF සතුටු කරනවා වගේම ගමේ ජනතාවත් සතුටින් තැබිය යුතුයි. අපි ඒ වගකීම තේරුම් ගත් දේශපාලන බලවේගයක්. මිනිස්සුන්ට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මේ රටේ නැවතුණු සංවර්ධනය අපි යළි ආරම්භ කරනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නතර කළ තැන සිට අපි ඉදිරියට අරගෙන යන්නම්”