මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.

ප්‍රභූ ආරක්ෂක නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් ලබාදී ඇත.

චක්‍ර ලේඛයට අනුව අතිරික්ත නිලධරයන්ග් නාම ලේඛනය හෙට (2) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු අතර අනිද්දා (3) දිනට පෙර රදවාගත යුතු වාහන සංඛ්‍යාවට වඩා වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාරදිය යුතු බවද එම චක්‍ර ලේඛයේ සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *