සමාගම්

මහා බැංකුවේ වැඩේ වැරදිලු

ශ්‍රී ලංකා මහ  බැංකුව සියයට පනහකින්  වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන  බවත් පඩි වැඩි කර ගැනීමට පෙර  එහි ප්‍රධානීන්ට   රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම  සමාලෝචනය සඳහා  පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇත.

මහා බැංකු ඉහළ සහ පහළ  නිලධාරීන්  එකම සාමූහික ගිවිසුමක් යටතට ගැනීම වැරදි බවත් සාමූහික ගිවිසුම පුද්ගලයන් පදනම් කරගෙන දෙකට බෙදිය යුතු බවත්  එම වාර්තාවෙන්  ප්‍රකාශ කර ඇත.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ මත  මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවේ  ඉකුත් මාර්තු මාසයේදී ය.

දිනේෂ් වීරක්කොඩි  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ,  අර්ජුන හේරත් දුමින්ද හුලංගමුවසහ කේ.වී.සී දිල්රැක්ෂි යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

මහ බැංකුවේ කළමනාකරණ  සහයකයන් සහ කාර්යාල කාර්ය සහයකයන්  රටේ අනෙකුත් කාර්ය මණ්ඩලය වලට සමාන විය යුතු බවත්  මහ බැංකුවේ සේවය කළ පලියට ඒ අයට වෙනම පඩි වැඩි කිරීම් නොකළ යුතු බවත් එම කමිටුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *