මහනුවර හදවත් රෝගීන් ගෙවල්වල

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන්  හදවත් සැත්කම්  කර ගැනීමට නොහැකිව රෝගීන්  100 ක පමණ පිරිසක් දැඩි ලෙස අසරණවී සිටින  බවත් ඇතැම් රෝගීන්  තම  සැත්කම් කර ගැනීමට මාස ගණන්  බලාගෙන සිට බැරිම තැන  රෝහලෙන් පිටව ගොස් ඇති බවත්  එම  රෝගීන්ගේ ​ පවසති.

හදවත් සැත්කම් අපේක්ෂාවෙන්  මහනුවර ජාතික රෝහලේ හදවත් රෝගී වාට්ටුවල ( 71   ,72)  ප්‍රතිකාර  ලබමින්  සිට  සැත්කම් ප්‍රමාදවීම නිසා  රෝහලෙන් ටිකට් කපා ගෙන පිටව ගිය හෘද රෝගීහු කිහිප දෙනෙක්  තම දුෂ්කරතා ඇඬූ කඳුළෙන් පැවැසූහ.

බයිපාස් හදවත් සැත්කම් කර ගැනීම සඳහා දින ලබාදෙන තෙක්  බයිපාස් හෘද සැත්කම් කරගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවත් චැනල්  කර  වාට්ටුවට ඇතුළත් වන හෘද රෝගීන්ට පමණක් විශේෂ සැලකිලි ලැබෙන බවත් ඔවුහු  පැවැසූහ.

මහනුවර හෘද රෝග වාට්ටු අංක 71 ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු පැවැසුවේ තමන් බයිපාස් සැත්කම කර ගැනීමේ අපේක්ෂාවෙන්   මාස තුනක් පමණ රෝහලේ  නැවතී  සිට  සැත්කම පමා වීම නිසා කැමැත්තෙන්ම ටිකට් කපාගෙන නිවෙසට පැමිණි බවයි.

හෘද රෝගීන් මහනුවර ජාතික රෝහලේ මාස තුන හතර කාලයක සිට බයිපාස් හදවත් සැත්කම්  කර ගැනීමේ අපේක්ෂාවෙන්  පොරොත්තු ලේඛනයේ සිටින බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *