‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් කීපයක් යෙදවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය.
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපජෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් කීපයක් සහ කොළඹ, උතුරු මැද, සහ වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකවල නිලධාරීන් ද යොදවා ඇති බව ද උදය කුමාර පෙරේරා මහතා කීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරතථන අංකය වන 1913 හෝ 0714395603 හෝ 0718008029 යන දුරකථනවලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිළි කළ හැකි බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.