මහන්සි වී සිටින අනුර කුමාරට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස්

තෙහෙට්ටුව නිසා උණ වැළඳීමෙන් පසු NPP ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ දිසානායක මහතාට සනීප නැති නිසා මෙම රැලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.

“අනුරට සනීප නෑ පහුගිය දවස් ටිකේ රෙස්ට් එක කැඩුවා මහන්සියි.උණ හැදිලා අද උදේ ඒකත් වැඩි උනා.ඒ නිසා එයාගේ ඩොක්ටර්ස්ලා උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ දවසක්වත් විවේක ගන්න කියලා.අපි තීරණය කළා එයාට දෙන්න. අද විවේකයක්, ”ඔහු පැවසීය.

දිසානායක කොළඹ පැවති NPP නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *