ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමනාප වූ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික; ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ; ඊලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ට්‍රම්ප්ගේ සමීපතම මිතුරා වී සිටි ඉලොන් මක්ස්, ට්‍රම්ප් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසු පසුගිය දා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබුණේ එක්ස් පරිශීලකයන් අතරේ ඡන්ද විමසුමක් පවත්වන බවත්, ඔවුන් වැඩි දෙනාගේ මනාපය අනුව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන් මුල පුරන බවත්ය.
එහිදී බහුතරයක් ඇමෙරිකානුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යන ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තෙවැනි ප්‍රධාන පක්ෂයක් අවශ්‍ය බවය. ඒ අනුව ඇමෙරිකායන නමින් නව පක්ෂයක් පිහිටුවීමට තමන් කටයුතු කරන බව මස්ක් පවසා ඇත.
මස්ක්ගේ මෙම නව දේශපාලන පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමග විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නැත. මස්ක් ඇමෙරිකන් ජාතිකයකු සහ ඇමෙරිකන් ව්‍යාපාරිකයකු වුවත්, ඔහු උපතින් දකුණු අප්‍රිකානුවෙකි. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, විදේශිකයකුට එරට ජනාධිපති විය නොහැකිය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා හඳුන්වා දුන් බදු පනත ද මස්ක් දැඩි ලෙස විවේනය කර ඇති අතර, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මස්ක් කටයුතු කළේ ද එම පනතට ද අදාල කෙටුම්පත සම්මත වෙද්දීය. ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්ති මස්ක්ගේ දැඩි විවේචනයට හේතුවක් වී ඇත.