තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.
තමා ව්‍යාජ ලේඛන සකස් කර ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයට පැමිණි ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සමගිය අවුල් කරන නොසන්ඩාල කඩාකප්පල්කාරීන් ද සිටින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.