’’ මං තරුණයන්ට අත් තටු දෙන විට ජවිපෙ කකුල් වලට විලංගු දැම්මා’’

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්තටු තිබේනම් ඕනෑම තැනකට ඉගිලිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන්  විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *