බෙලරුස් හි සිසුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සංක්‍රමණ වීසා නිකුත් කරයි…

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බෙලාරුස්හි රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී, මොස්කව් හරහා තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති සිසුන් සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, බෙලාරුස් හි සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙසත්, වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් සම්බන්ධතා තොරතුරු (24×7) හරහා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙසත් මෙයින් උපදෙස් දෙනු ලැබේ.

TP: +79801445726, විද්‍යුත් තැපෑල: [email protected]

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, යුක්රේනයේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් බෙලරුස්හි තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන බවත්, මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *