බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය සිකුරාදා වන විට පීඩන අවපාතයක් වීමට ඉඩක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයක් මුලින් ඊසාන දෙසට ගමන් කර සිකුරාදා (24) වන විට බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශයට ඉහළින් පීඩන අවපාතයක් දක්වා සංකේන්ද්‍රණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශවල සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ සමඟ තද සුළං ඇති විය හැක.

එබැවින් ගිනිකොන දිග අරාබි මුහුදේ සහ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින නාවික සහ ධීවර ප්‍රජාවට නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස උපදෙස් දෙනු ලැබේ.

තවද, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර පැ.කි.මී.70 දක්වා ඉතා තද සුළං ඇති වේ.

කල්පිටිය සිට කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ රළු වන අතර පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැක. එබැවින් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ද මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.5 ත් 3.0 ත් පමණ උසකින් වැඩි විය හැක.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල රළ රළ ඇතිවීමේ හැකියාවක් පවතී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *