බස්නාහිර නිවාස ආධාර ඉහළ නැංවේ

බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයන් බස්නාහිර පළාත් ආන්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතා විසින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව නිවසක් ඉදිකර ගැනීමට මෙතෙක් ලබාදුන් රුපියල් දෙලක්ෂක උපරිම මුදල රුපියල් තුන් ලක්ෂයක් දක්වාද තිබෙන නිවසක් වැඩි දියුණු කිරීම හෝ ඉතිරි වැඩ නිමකිරීමට මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල දෙලක්ෂය දක්වාද ඉහළ නංවා තිබේ.

එමෙන්ම මෙම ආධාර ලැබීමට සුදුසුකම ලෙස මෙතෙක් පැවති රුපියල් 8000 නොඉක්මවූ මාසික ආදායම් සීමාව රුපියල් 15000 දක්වා ඉහල නංවා ඇත.

මෙම නව නියමයන් මෙම මස පළමුවනදා සිට වලංගුවන පරිදි ආන්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *