බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
එලෙස ඉගෙනුම ලැබූ සිසුන් නව දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද කදුරුගමුව මහතා පැවැසුවේය. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ශ්‍රී ලාංකික සිසුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල තුනෙහි පිඨාධිපතිවරුන් වෙත ලිපි යොමුකර ඇති බවත් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිත නවාතැන් දෙන ලෙස වීරක්කොඩි මහතා එම ලිපි මගින් පිඨාධිපතිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
එසේම නිරන්තරයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික සිසුන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගෙන යමින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන බවත් කදුරුගමුව මහතා පැවැසුවේය.
මේ වනවිට බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාව පිළිබඳ ඇරඹි විරෝධතා හේතුවෙන් මියගිය පිරිස 133 දක්වා ඉහළ ගොස් ඇත.
එසේම ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දුටු තැන වෙඩි තැබීමට බලධාරීන් පොලිසියට සහ හමුදාවට නියෝග ලබාදී ඇති බවත් දවසකට පැය 2 ක කාලයක් ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
දැඩි නීති පනවා මේ වනවිට ප්රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට බංග්ලාදේශ බලධාරීන් සමත්වී සිටින බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.
බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල තුනක ශ්‍රී ලාංකික සිසුහු 50 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබති