බයිඩන් කලින්ම ඡන්දය දාලා

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේය.

කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට පෙර, ජනපද මට්ටමින්, ඇමෙරිකානුවන්ට කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ද අවස්ථාව හිමිවෙයි. 81 හැවිරිදි බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ ඒ අනුවය.

නිව් කාසල් නගරයේ ඡන්ද පොළට ගොස්, ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව එනතුරු බයිඩන්ට මිනිත්තු 40 ක් පමණ පෝළිමේ සිටීමට සිදුවිය. ඡන්ද පොළට ඇතුළු වූ පසු හැඳුනුම්පත පෙන්වා, අනන්‍යතාව තහවුරු කර, ඇමෙරිකන් ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *