බන්ධනාගාර නිලධාරීන්ට 15000ක් දෙන්න කැබිනට් සංදේශයක්

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඔවුන් රුපියල් 20000ක දීමනාවක් ඉල්ලා සිටියත්  අමාත්‍යාංශ ලේකම් ,බන්ධනාගාර කොමසාරිස් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදීමට යෝජනා කළ බවද අධිකරණ අමාත්‍යවරයා කීය.

බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් වලට යුක්තිය හා සාධාරණත්වය ඉටුකළ යුතු බව බව කී අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ජනපති, අමාත්‍ය මණ්ඩලය සහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී විජයදාස රාජපක්ෂ මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *