බදුල්ල මහ රෝහලේ දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයමින් ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.
මේ අතර බදුල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට අද දිනයේ පැමිණි 60 දෙනෙකුගෙන් ආසාදිතයින් 38 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් වාට්ටු 4ක් තාවකාලිකව වසා දමා ඇති බවත් දිනෙන් දින හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රෝහල බරපතළ සෞඛ්‍ය ගැටලුවකට ලක්වෙමින් ඇති බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.