පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බවද අමාත්‍යවරයා කීය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු නොකළ බව තමන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සෑම විටම පැවසූ බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය .
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, අලි සබ්රි ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.