ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අදාළ සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් කොට්ඨාස මට්ටමින් අපේක්ෂිත වියදම් ඇතුළත් වාර්තා කැඳවීමට පොලිසිය දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථානය සඳහා අවම වශයෙන් නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කිරීමට පොලිසිය බලාපොරොත්තුවේ.